Friday, April 19, 2024

General line - 0115112241

අපි තවමත් බලා ඉන්නවා- උතුරු කොරියාවෙන් අමෙරිකාවට පණිවිඩයක් (VIDEO)

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




කුමන හෝ මොහොතක අමෙරිකාව සමග සාකච්ජා කිරීමට තම රට සුදානමින් සිටින බව උතුරු කොරියානු උප විදේශ කටයුතු ඇමති කිම් ක්යේ-ග්වේන් ප්‍රකාශ කර සිටිනවා. ඔහු කියා සිටින්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගනු ලැබූ තීන්දුව ගැන තම රට අතිශයින් කණගාටු වන බවයි.

ජුනි මස 12 වෙනිදා සිංගප්පුරුවේදී උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමග පැවැත්වීමට නියමිතව තිබු සමුළුව අවලංගු කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා. සිය තීරණය ගැන උතුරු කොරියානු නායකයාට ලිපියකින් දැනුම් දෙමින් කියා සිටියේ ඔහුගේ " විවෘත වෛරය" හේතුවෙන් තමන්ට මෙම තීරණය ගැනීමට සිදුවූ බවයි.

එක්සත් ජනපදයේ උසස් නිළධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත කියා සිටියේ මේ පිලිබදව වැඩිදුර තොරතුරු ලගදීම හෙළිකරන බවත්  උතුරු කොරියානු නායකයාගේ " යහපත් ඇදහිල්ලේ මදකම" මෙවැනි වාතාවරණයක් ඇති වීමට හේතුව වූ බවයි.

කෙසේ වුවත් ඊයේ දිනයේදී උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සිදුකරනු බලාගාරයේ උමං මාර්ග පවා පුපුරුවා හරිනු ලැබූ අතර ඒ පිලිබදව සනාථ කරමින් නව වීඩියෝ පටයක්ද අද (25) මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.