Friday, April 19, 2024

General line - 0115112241

නෙත්-සම්පත් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය සාර්ථකව නිමාවූ වගයි (PHOTOS)




නෙත් එෆ් එම් රේඩියෝව සහ සම්පත් බැංකුව එක්ව සංවිධාන කරන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ මෙම වසරේ දෙවන සම්මන්ත‍්‍රණය අද (26) අති සාර්ථකව පැවැත්වුණා. ඒ, අනුරාධපුර ස්වරණපාලී බාලිකා විද්‍යාලයේදීයි.

ඊට එක්වූ සිසු දරුවන් කිහිප දෙනෙකු මෙම සම්මන්ත‍්‍රණය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසයි. 


සම්මන්ත‍්‍රණයට එක්වූ සිසු දරුවන්ගේ පාසල්වල ගුරුවරුන් කිහිප දෙනෙකු ද මේ පිළිබඳ අදහස් දැක්වූවා.

 

................................................................................................................................................

නෙත්-සම්පත් ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණය අනුරාධපුර

(26-05-2018 08:48)

නෙත් එෆ් එම් රේඩියෝව හා සම්පත් බැංකුව එක්ව වාර්ෂිකව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ මෙම වසරේ දෙවැන්න අද (26) පැවැත්වෙනවා. ඒ, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේදීයි. සම්මන්ත‍්‍රණය මෙහෙයවනු ලබන්නේ පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලයේ ආචාර්ය සරත් ආනන්ද ගුරුතුමන් විසින්.

ඊට අමතරව සිසු සිසුවියන්ගේ මව්පියන් වෙනුවෙන් දේශනයක් පැවැත්වීමද මෙම සම්මන්ත‍්‍රණ මාලවේ විශේෂත්වයක්. ඇහැළියගොඩ අනුර මහා විද්‍යාලයේ විදුහල්පති සරත් අලවතුර ගුරුතුමන් විසින් එම දේශනය පවත්වනු ලබනවා.

මෙවර 5 ශ්‍රේණීයේ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මස 05වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. සිසු සිසුවියන් තුන් ලක්ෂ 26,000කට අධික පිරිසක් මෙවර එම විභාගයට පෙනී සිටීමට නියමිතයි.


--------------------------------

නෙත්-සම්පත් ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණය හෙට අනුරපුරේදී  

25-05-2018 18:48

නෙත් එෆ් එම් රේඩියෝව හා සම්පත් බැංකුව එක්ව වාර්ෂිකව සංවිධාන කරන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ මෙම වසරේ දෙවැන්න හෙට (26) පැවැත්වෙනවා. ඒ, අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේදීයි. 

සම්මන්ත‍්‍රණය මෙහෙයවනු ලබන පානදුර ශී‍්‍ර සුමංගල විද්‍යාලයේ ආචාර්ය සරත් ආනන්ද ගුරුතුමන් ඒ පිළිබඳ කරුණු දැක්වූයේ මෙලෙසයි.