Saturday, April 20, 2024

General line - 0115112241

ඊළඟ ජනාධිපතිවරණ වේදිකාවට මමත් නගිනිවා - තිස්ස අත්තනායක ඉදිරි දේශපාලන තීන්දුව හෙළිකරයි

චන්දන උඩුවාවල - මහනුවර




ඉදිරි ජනාධිපතිවරණයේදී දේශපාලන භේදයකින් තොරව සැකසෙන දේශපාලන වේදිකාවකට තමන් එක්වන බව, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්, හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක පවසනවා. අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

"මම කාලයක් තිස්සේ බලන් හිටියා එක්සත් ජාතික පක්ෂය යමක් කරයි කියල. එහෙම කරන බවක් පෙනෙන්න නැහැ. ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් වේදිකාවක් තැනෙන බව පෙනෙනව. තවත් මාස කිහියකින් එය පැහැදිළි කරගන්න පුළුවන්. මමත් එවැනි තැනකට සහය දෙනවා. රටට යමක් කරන්න පුළුවන් තැනකට එකතු වෙනවා."

කතාබහට ලක්ව ඇති ජනාධිපති ධුර අපේක්‍ෂකයන් පිළිබදවද අදහස් පළකරමින් ඔහු පැවසුවේ, නොයෙක් දෙනාගේ නම් කියවුණද ජනතා අපේක්ෂාව වන්නේ යළි කිසි දිනක ජනතාව නොරවටන, ජනතා අපේක්ෂා බිඳ නොදමන නායකත්වයක් කෙරෙහි බවයි.