Friday, April 26, 2024

General line - 0115112241

සුජීව සේනසිංහ කනස්සල්ලෙන්: මට කොළඹ කුණු එකතු කරන්න හරි වගකීමක් දෙන්න

කසුන් කැලුම්




එක්සත් ජාතික පක්‍ෂයේ වැඩක් කළ හැකි දක්‍ෂයින් සිටියද නුසුදුසු පුද්ගලයින් වර්තමානයේ අමාත්‍ය ධුරවල කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ පවසනවා. තමන්ට හිිමි වූ රාජ්‍ය අමාත්‍ය ධුරයේද කටයුතු කිරීමට අපහසු වී ඇති බවයි ඔහු කියාසිටියේ. මෙහිදී අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ මලික් සමරවික්‍රම තමන්ට ගැසට් කර බලතල ලබා දුන්න බවට කියුවත් එය එසේ නොවුන බවත් ආණ්ඩු පක්ෂයේ බලය ලබා ගත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතාවත් රනිල් වික්‍රමසිංහ මහතාවත් නොව තමන් වන තරුණ දේශපාලකයින්ගේ කැපවීම නිසා බවත් ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීමට කටයුතු කරන බවට ප්‍රකාශ කරන ලදියි.

වැඩක් කළ හැකි අමාත්‍ය ධුරයක්  තමන්ට හිමිවූයේ නම් මීට වඩා රටට වැඩක් කළ හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. මෙහිදී ඇමතිවරයා කියා සිටියේ තමන්ට අවම වශයෙන් කොළඹ නගරයේ කුණු කසල ඉවත් කිරීමට හෝ ගස් සිටුවීම පිළිබද වගකීමක් ලබා දුන්නා නම් තමන් එය සතුටින් කරන බවයි.

 


මහරගම පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.