Saturday, April 20, 2024

General line - 0115112241

කෝටි දෙකේ අල්ලස් සිදුවීමේ තෙවන පාර්ශවය හෙළිකරන්න - අනුර කුමාර

සමන්ත කුමාර / ලහිරු කපුගේ




වත්මන් ආණ්ඩුවේ ආයෝජන සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කළ යුතු බව විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී කියාසිටියා. 

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා පගා ඉල්ලන විට ආයෝජකයින් මෙරටට ඒවිද යන්න සැක සහිත බව මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා. එමෙන්ම ඔහු කියා සිටියේ  මෙරටට පැමිණි සියලුම ආයෝජකයින් සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බවයි. 

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ දැව සංස්ථා ප්‍රධානියා සම්බන්ධයෙන් වූ අල්ලස් ගණුදෙනුවේ සැකසහිත තැන් ඇති බවත් මෙම සිදුවීමට සම්බන්ධ තෙවන පාර්ශවය කවුරුන්ද යන්න වහාම රටට හෙලිකල යුතු බවටද ඔහු කියා සිටියා.

රජයට තිබෙන ගැටලුව නම් දේශීය කර්මාන්ත ආරක්ෂා කරන ගමන් පාරිභෝගිකයාගේ ජිවන තත්ත්වය ඉහල නංවන්න කටයුතු කිරීම කල යුතුව තිබෙන බවයි. එමෙන්ම මහබැංකු වාර්තාවන්ට අනුව පසුගිය මාස 03 තුල රටේ උද්ධමනය පහල වැටුණු බවද මෙහිදී  මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න විවාදයට එක්වෙමින් කියා සිටියා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශද මෙහිදී අදහස් පළ කළා.