Friday, March 29, 2024

General line - 0115112241

මේ චෙක් එක මගේ නමට ලියලා නැහැ! කවුද දුන්නේ අපිටත් මතක නැහැ - පර්පචුවල් සමාගමෙන් දුන් බව කියන ලක්ෂ 10 චෙක් එක ගැන දයාසිරි කියන කතාව




"මේ චෙක් එක මගේ නමට ලියපු එකක් නෙවෙයි. මුදල් චෙක්පතක් මේ. එහෙම උදව් කරපු අය ගොඩක් ඉන්නව. අපිත් දන්නේ නැහැ කවුරු දුන්නද කියල. කොහොම වුණත් අපි සල්ලි අරන් කවුරුවත් ආරක්ෂා කරල නැහැ" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවේදී අද පැවසුවා.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් දයාසිරි ජයසේකර වෙත රුපියල් මිලියනයක චෙක්පතක් ලබා දී ඇතැයි නීතිපතිවරයා අධිකරණයට ඊයේ දැනුම් දුන්නා. ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ දයාසිරි ජයසේකර.