Friday, April 26, 2024

General line - 0115112241

අර්ජුන් ඇලෝසියස් ගොණුකළ ප‍්‍රතිශෝධන පෙත්සමකට දින නියම වෙයි

අධිකරණ වාර්තාකරු




පර්පෙචුවල් ටෙ‍්‍රෂරිස් පුද්ගලික සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ගොණුකළ පෙත්සම ලබන ජුනි මස 5 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (25) තීරණය කළා. රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින මෙම දෙපළ ඇපමත මුදාහරින ලෙසටයි මෙම පෙත්සමෙන් ඉල්ලා තිබුණේ. 

ඔවුන් ඇපමත මුදා හරින ලෙසට කළ ඉල්ලීම් ඉකුත් පෙබරවාරි මස 16 වනදා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය සහ කොළඹ මහාධිකරණය ප‍්‍රතික්‍ෂේප කර ඇති බව අදාළ ප‍්‍රතිශෝධන පෙත්සමෙන් දක්වා තිබෙනවා.