Friday, April 26, 2024

General line - 0115112241

විභාග ජය ගැනීමේ මග පිළිබඳ දේශනයක් අද (UPDATE)




රත්ගම දේවපතිරාජ ජාතික පාසලේ පැවැත්වෙන නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙදින නේවාසික කඳවුර ඊයේ (27) අවසන් වුණා.

ඒ, කොන්දේසි විරහිත ආදරය පිළිබඳ වූ සෞන්දර්යාත්මක සැසියකින් අනතුරුවයි.

පාසලේ සිසු දරුවන්ගේ දෙමව්පියන් සඳහා පුහුණු සැසියක් ද එහිදී පැවැත්වුණා. මේ

පාසලේ ඉහළ ශ්‍රේණිවල සිසුන් සඳහා විභාග ජය ගැනීමේ මග පිළිබඳ දේශනයක් අද දිනයේ පැවැත්වෙනවා. දෙදින නේවාසික කඳවුරේ පුහුණුව ලද අංකුර නායකයින්ගේ විසිරයාමේ උත්සවය පැවැත්වෙන්නේ ඉන් අනතුරුවයි. 
 

----------------------------

ගුරුවරුන් සහ මව්පියන් වෙනුවෙන් අද විශේෂ දේශනයක් (UPDATE) 

(27-05-2018 09:56)

 

රත්ගම දේවපතිරාජ ජාතික පාසලේ පැවැත්වෙන නෙත් නිවුස් යු ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ දෙදින නේවාසික කඳවුරේ අද (27) දෙවන දිනයයි.

මෙම කඳවුරේ පළමු දිනය ඊයේ (26) අවසන් වුණේ ගිනිමැල සංදර්ශනයකින්.

ඒ සඳහා සහභාගී වූ අංකුර නායකයින් ඉදිරිපත් කළ දක්ෂතා පහතින් අහන්න.

ගිනි මැල සංදර්ශනය නැරඹීම සඳහා අංකුර නායකයින්ගේ මව්පියන් ද එක්වුණා. සිය දරු දැරියන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් ඔවුන් ද අදහස් පළ කළා.

අද දිනයේ පාසලේ ගුරුවරුන් වෙනුවෙන් සහ අංකුර නායකයින්ගේ මව්පියන් වෙනුවෙන් ද විශේෂ දේශන පැවැත්වීමට නියමිතයි. 
 

 

---------------------------------------

යූ ආර් අ ලීඩර් රත්ගමදී (PHOTOS)

(26-05-2018 19:38)

 

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 26 වැන්න රත්ගම දේවපතිරාජ ජාතික පාසලේ දී මේ වනවිට පැවැත්වෙනවා. එහි නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප සම්බන්ධ කර ගත්තා එහි සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු සජිත් තිලකරත්න.

 

...................................................................................................................................................

නෙත් නිවුස් යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන වැඩසටහනේ 26 වැන්න රත්ගම දේවපතිරාජ ජාතික පාසලේදී අද (25) ආරම්භ වුණා. ඒ, පාසලේ සිසු සිසුවියන් උදෙසා ජීවිතය ජය ගැනීමට මග පෙන්වන සැසියක් සහ සන්නිවේදන කුසලතා පිළිබද දේශණයකින්. ඊට එක්වූ දරු දැරියන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් දැක්වුවා.

 

>

අද දිනයේ පාසලේ සියළුම දරු දැරියන් සදහා පද්‍ය ගායනා, ගද්‍ය රචනා, චිත‍්‍ර සහ කථික තරගද පැවැත්වුණා.