Thursday, March 28, 2024

General line - 0115112241

කළුතර හා පානදුර කි‍්‍රකට් තරග පාවාදීම විමර්ශනයට හිටපු විනිසුරුවරියක්

කසුන් කැළුම්




කළුතර හා පානදුර කි‍්‍රකට් සමාජ අතර පැවති පි‍්‍රමියර් ලීග් තුන්දින කි‍්‍රකට් තරගාවලියේ තරග පාවාදීමේ චෝදනාවක් පිළිබද විමර්ශන කිරීම සදහා විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක් පත්කර තිබෙනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ රෝහණී මාරසිංහ ඒ පිළිබද විමර්ශන සිදුකරන බවයි.

මෙම තරග පාවාදීම සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යාංශය පත් කළ කමිටු වාර්තාව සහ කි‍්‍රකට් ආයතනයේ වාර්තා අධ්‍යයනය කරමින් ඇය විසින් අවසන් වාර්තාව සැකසීමට නියමිතයි. තරග පාවාදීමේ සිද්ධියට වරදකරුවන් වුවහොත් එම කී‍්‍රඩකයින්ට ලබාදෙන දඬුවම පිළිබදවද මෙහිදි තීරණය වනු ඇති.