Friday, April 26, 2024

General line - 0115112241

කුඩු ජාවාරම් කළ පහේ කල්ලිය STF දැලේ (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




කිතුල්ගල ප්‍රදේශයේ හෙරොයින් මත්කුඩු අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි තරුණයන් පස් දෙනෙකු කිතුල්ගලදි ඊයේ (25) මස්කෙලිය පොලිස් විශේෂ කාර්යය බලකා කඳවුරේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. කිතුල්ගල පැමිණෙන සංචාරකයන් හා ප්‍රදේශයේ තරුණයන් ඉලක්ක කර ගනිමින් මෙම සැකකරුවන් ප්‍රදේශය පුරා හෙරොයින් අලෙවි කිරිමේ ජාවාරමක කාලයක් තිස්සේ සිදු කර ඇති බවයි මෙම වැටලිම සිදු කල පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් කියා සිටියේ.

හෙරොයින් මිලි ග්‍රෑම් 1580 ක් කුඩා පැකටි 28 ක අසුරා ප්‍රදේශය පුරා බෙදා හරිමින් සිටියදි උපාය දුතයෙක් යොදා ගනිමින් පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින්ට මෙම සැකකරුවන් සහ හෙරොයින් බෙදා හැරිමට උපයෝගි කර ගත් ත්‍රිරෝද රථය ද අත්අඩංගුවට ගැනිමට හැකි වි ඇත. අවුරුදු 23 -28 ත් අතර වයස් කාණ්ඩ වල පසුවන මෙම සැකකරුවන් කිතුල්ගල සහ ලක්ෂපාන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වනවා.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිම සදහා කිතුල්ගල පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරින් කියා සිටියේ.