Friday, April 19, 2024

General line - 0115112241

නාගොඩ මහ රෝහලේ මෘතශරීරාගාරය නාඳුනන මළ සිරුරු වලින් පිරීයයි - අවුරුදු ගණන් ගතවූ සිරුරුත් ඒ අතර

හේමන්ත කහවලගේ/ ලහිරු කපුගේ




කළුතර (නාගොඩ) මහ රෝහලේ මෘත ශරීරාගාරයේ සියළු ශීතකරණ මළ සිරුරු වලින් පීරී පවතින බව වාර්තා වනවා. නාඳුන මළ සිරුරු මිහිදන් නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී තිබෙනවා. මළ සිරුරු බහාලන ශීතකරණ 18ම මේ වනවිට මළ සිරුරු වලින් පිරීගොස් තිබෙනවා. ඇතැම් මළ සිරුරු අවුරුද්දද ඉක්මවා මෙම ශිතකරණවලම තැන්පත් කොට ඇති බවයි පැවසෙන්නේ.

නෙත් නිවුස් මේ පිළිබදව නාගොඩ රෝහලෙන් විමසීමක් කළා. එහි ප‍්‍රකාශකයෙකු කියාසිටියේ මෘත ශරීරාගාරයේ ඇති නාදුනන මළසිරුරු ඉවත් කිරීම සදහා පොලීසිය පියවර නොගැනීම ඊට හේතු වී ඇති බවයි.