Wednesday, April 24, 2024

General line - 0115112241

රජයේ වෛද්‍ය නිලධාරීන් ඇමති පාලිතට අවි අමෝරයි

කසුන් කැළුම්/ ලහිරු කපුගේ




නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ගලේවෙල රෝහලේදී හැසිරුණු ආකාරය පිළිබද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිය විරෝධය පළ කරනවා.

මාර්ගයේ හදිසි අනතුරු සිදුවීමෙන් පසු ප‍්‍රදේශවාසීන් සහ පොලීසිය කි‍්‍රයාකරන්නේ කෙසේද යන්න ආපදා කළමණාකරණ අමාත්‍යාංශය විසින් ගලේවෙල නගරයේ පෙරහුරුවක් ඊයේ සංවිධාන කර තිබුණා. ඒ සදහා ගලේවෙල රෝහලේ වෛද්‍යවරුන් මෙන්ම කාර්ය මණ්ඩලයද එක්ව සිටි අතර රෝහල වෙත පැමිණි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඊට විරෝධය දැක්වූවා.

මෙම පෙරහුරුව නවතා දමන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී රෝහලේ වෛද්‍යවරුන්ට ආවේගශීලිව ප‍්‍රකාශ කර තිබුණා. මේ පිළිබදව අනිද්දා පැවැත්වෙන සිය විධායක කමිටු රැස්වීමේදී තීරණයක් ගන්නා බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාරක සභික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ කියාසිටියේ.