Tuesday, March 19, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයේදී එක් ලකුණකින් තරග කරනවා - ශ්‍රීලනිප 16 කණ්ඩායම කියයි

ටී.කේ. මහින්ද/ ලහිරු කපුගේ




ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම පවත්වන ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත‍්‍රණ මාලාව අද සිට ආරම්භ වනවා. ‘‘ හෘද සාක්ෂියේ නිදහස’’ නම් මෙහි පළමුවැන්න අද මාතර උයන්වත්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වුණා.

ඉදිරි  ජනාධිපතිවරණයේදී එක් ලකුණකින් තරග කරන බව එම පක්‍ෂයේ දහසයේ කණ්ඩායමතීරණය කර තිබෙනවා පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මේ බව සදහන් කළා.