Friday, March 29, 2024

General line - 0115112241

දරු පවුලක් බේරා ගන්න පිහිනා යමින් සිටියදී ගසාගෙන ගිය පොලිස් නිලධාරියාගේ අනතුර ආරක්ෂිත කැමරාවක සටහන් වෙයි (VIDEO)

ජූඩ් සමන්ත - පුත්තලම




ගංවතුරෙන් කොටුවී සිටි පවුලක් බේරා ගැනීමට ගොස් ජල පහරකට හසුවී අතුරුදහන්වූ පොලිස් නිලධාරියා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක කෙරෙනවා.

අතුරුදහන්වී ඇත්තේ මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල් 88587 දසනායක පතිරැන්නැහැලාගේ ඩිලාන් සම්පත් (අවු:29) නම්වූ අයෙක්. අවිවාහකයෙකු වන ඔහු ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පෙරේදා (25) දහවල් මාදම්පේ පොලිස් වසමේ ගල්මුරුව ගල් වල පාර ප්‍රදේශයේ ජලයෙන් කොටුවී සිටි දරු පවුලක් බේරා ගැනීම සඳහා ජලයේ පිහිනා යමින් සිටියදී පොලිස් කොස්තාපල්වරයා අතුරුදහන්වී තිබුණා.

පෙරේදා (25) දහවල් සිට ඔහු සොයා ගැනීම සඳහා නාවික හමුදාව සහ යුධ හමුදාවද මෙහෙයුමක් දියත් කර තිබුණා. ඊයේ (26) පෙරවරුවේ ගම්වාසීන් විසින් කණ්ඩායම් වශයෙන් සෑදී අතුරුදහන්වී සිටින පොලිස් නිලධාරියා සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළා.

(පහත CCTV දර්ශනවලින් දැක්වෙන්නේ අදාළ පොලිස් නිලධාරියා තවත් අයෙක් සමග බේරා ගැනීමේ ස්ථානය කරා ගමන් කරන අයුරුත් පසුව පොලිස් නිලධාරියා ජලයේ ගසාගෙන යට විය අනෙක් පුද්ගලයා යළි පැමිණ තවත් පිරිසට සිද්ධිය පවසා ඔවුන් ද එම ස්ථානයට රැගෙන යන අයුරුයි. දර්ශනවල අවසන් කොටසෙන් දැක්වෙන්නේ පොලිස් නිලධාරියා සොයා සිදු කරන මෙහෙයුම්.)