Tuesday, April 23, 2024

General line - 0115112241

පුද්ගලික බැංකුවක ගින්නක් - ATM යන්ත්‍රයත් විනාශයි




කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පිහිටා ඇති පුද්ගලික බැංකුවක අද (27) අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්නෙන් බැංකුවේ ඉදිරිපස කොටසට සහ ATM යන්ත්‍රයට හානි සිදු වී ඇති අතර අද අලුයම 4.00ට පමණ මෙම ගින්න හට ගන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ලැබුණු තොරතුරකට අනුව මේ බව අනාවරණය වී තිබෙනවා.

පසුව කොහුවල පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් සමග එක්ව ගින්න මැඩ පවත්වා තිබෙනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.