Tuesday, April 16, 2024

General line - 0115112241

බන්ධනාගාරගතව සිටින මහසොහොන් බලකායේ නායකයාට ප්‍රහාරයක්

එම් එම් පී ජී පෙරේරා- අනුරාධපුර




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මහසොහොන් බලකායේ නායක අමිත් වීරසිංහට අනුරාධපුර බන්ධනාගාර රෝහලේදී ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

බන්ධනාගාර රෝහලේ සේවකයෙකු මෙම පහරදීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

පහර කෑමෙන් තුවාල ලැබූ අමිත් වීරසිංහ පොලිස් හා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

පසුගියදා මහනුවර ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.