Tuesday, April 23, 2024

General line - 0115112241

තරග පාවාදීමේ සිද්ධියට ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩකයින් දෙපළක් ගෑවෙයි (VIDEO/PHOTOS)

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කි‍්‍රඩාංගනයේ පැවැති ටෙස්ට් කි‍්‍රකට් තරග දෙකක් අතරතුරදී බුකිකරුවන්ට අවශ්‍ය පරිදි තණතිල්ල සකසා ඇති බවට අල් ජසීරා පුවත් සේවය පළ කළ වාර්තාවට අදාළ නවතම වාර්තාවක් ඉන්දිය පුවත්පතක් මගින් අද (27) පළ කර තිබුණා. ඉන් පැවසෙන්නේ අදාළ සිද්ධියට හිටපු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කි‍්‍රඩකයින් දෙදෙනෙකු සහ පකිස්තාන කී‍්‍රඩකයෙකු සම්බන්ධ බවයි. 

අදාළ පුවත්පත වාර්තා කර ඇති අන්දමට ඊට සම්බන්ධ වී ඇත්තේ දිල්හාර ලොකුහෙට්ටිගේ සහ ජීවන්ත කුලතුංග යන ශී‍්‍ර ලාංකික කී‍්‍රඩකයින්. එමෙන්ම පළමු පෙළ තරගවලට කි‍්‍රඩා කළ තරිඳු මෙන්ඩිස් ද ඒ අතර වනවා. ඊට සම්බන්ධ පකිස්තාන කී‍්‍රඩකයා වන්නේ හසන් රාසායි. අදාළ සිද්ධියට ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් කි‍්‍රඩකයින් දෙදෙනෙකු හා එංගලන්ත කී‍්‍රඩකයින් තිදෙනෙකුද සම්බන්ධ බවට වාර්තා පළ වනවා.

සිය කි‍්‍රකට් කි‍්‍රඩකයින් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා එංගලන්තය බැහැර කර ඇති නමුත් ඔස්ටේ‍්‍රලියාව මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිඳු ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවයි හිනදුස්තාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ. 

අක‍්‍රමිකතා සිදුවූ බව පැවසෙන තරග ති‍්‍රත්වය සඳහා එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, ඉන්දියාව මෙන්ම ශී‍්‍ර ලංකාව යන රටවල් හතරම සහභාගී වුවත් කිසිඳු ඉන්දීය කී‍්‍රඩකයෙකු අදාළ සිද්ධිය සඳහා චෝදනා ලැබ නැතැයිද එම පුවත්පතේ වැඩිදුරටත් සඳහන්.