Saturday, April 20, 2024

General line - 0115112241

දයාසිරිට ඇමති රංගේ බණ්ඩාර ගෙන් අභියෝගයක්

ජනක චන්දන




රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ති‍්‍ර දයාසිරි ජයසේකරට අද (27) අභියෝගයක් එල්ල කළා. ඒ, බැඳුම්කර ගනුදෙනුවේදි මුදල් ලබා ගත් පුද්ගලයින් 118 දෙනා හෙළිකරන ලෙසයි. 

ඒ පිලිබදව හෙලිකිරීම දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ වගකිම බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. මෙන්ඩිස් සමාගමේ නියෝජිතයින් ලෙස කටයුතු කරන දේශපාලකයින්ගේ ඥාතින් පිලිබදවත් හෙළි කරන මෙන් මෙහිදී ඉල්ලා සිටියා. එමෙන්ම දැනට පවතින ආපදා තත්ත්වය සලකා බලා පර්පචුවල් ට්‍රේෂරිස් සමාගමෙන් ලද මුදල් ආපදා කළමණාකරන ගිණුමට බැරකරන මෙන්ද මෙහිදී අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර විසින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක්ද කරනු ලැබුවා.

දයාසිරි ජයසේකර මන්ති‍්‍රවරයා විපක්ෂයේ අසුන් ගැනීමෙන් පසු ඔහුට මෙලෙස චෝදනා කිරීම විමතියට කරුණක් බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස අද ගාල්ලේදී ප‍්‍රකාශ කළේ.