Friday, April 26, 2024

General line - 0115112241

අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රධාන ආණ්ඩු ක‍්‍රමයක් වඩා ප්‍රජාතන්ත්‍රීයයි - අනුර කුමාර




ජනාධිපති ධුරයේ අසීමිත බලතල නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ අරමුණු යටපත් වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා.

එහි නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ කැබිනට් මණ්ඩලය පවා මේ නිසා අකර්මණ්‍ය වී ඇති බවයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය සඳහා තමන් විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාව සම්බන්ධයෙන් නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී ඊයේ (30) අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.  

ජනාධිපතිවරයා ප‍්‍රධාන ආණ්ඩුක‍්‍රමයකට වඩා අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රධාන ආණ්ඩු ක‍්‍රමයක් වඩා ප‍්‍රජාතන්ත‍්‍රීය බවද මෙහිදී විස්තර කෙරුණා. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය කෙරුණු නෙත් එෆ් එම් අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.