Saturday, April 20, 2024

General line - 0115112241

පිහිනුම් ක‍්‍රීඩක ක්‍රීඩිකාවන්ට 'මයිලෝ' දිරිගැන්වීම්




පිහිනුම් ක‍්‍රීඩාවෙන් ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තිය දිනාදුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 16 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ප‍්‍රදර්ශන තරගයක් සංවිධාන කර තිබෙනවා.

ඒ, 45 වන ශ‍්‍රී ලංකා පාසල් වයස් සීමා පිහිනුම් හා දියපිමි තරගාවලියට සමගාමීවයි. 

පාසල් පිහිනුම් ක‍්‍රීඩාව සඳහා නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ සන්නාමයෙන් අනුග‍්‍රාහකත්වය ලබාදීමේ 25 වන වසර සැමරීම සඳහායි මෙම තරගය සංවිධාන කර තිබෙන්නේ. මයිලෝ වේල්ස්, මයිලෝ සීල්ස්, මයිලෝ ඩොල්ෆින් සහ මයිලෝ ෂාක්ස් ලෙස කණ්ඩායම් 04ක් යටතේ මෙම තරගය පැවැත්වෙනු ඇති.

පාසල් ජල ක‍්‍රීඩා ඉතිහාසයේ මෙවැනි තරගයක් පවත්වන පළමු අවස්ථාව ද මෙයයි. නෙස්ලේ ලංකා සමාගමේ උප සභාපති බන්දුල එගොඩගේ පෙන්වා දුන්නේ වත්මන් පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මෙය දිරිගැන්වීමක් වනු ඇති බවයි.

මේ අතර 45 වන ශ‍්‍රී ලංකා පාසල් වයස් සීමා පිහිනුම් හා දියපිමි තරගාවලිය ලබන 06 වැනිදා සිට 10 වැනිදා දක්වා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙනවා. පාසල් ක‍්‍රීඩකයින්ගේ දක්ෂතා තවදුරටත් නංවාලීමට මෙය පිටිවහලක් වන බවයි ජ්‍යෙෂ්ඨ පිහිනුම් ක‍්‍රීඩක ජූලියන් බෝලින් පවසන්නේ. 

මෙවර ශ‍්‍රී ලංකා පාසල් වයස් සීමා පිහිනුම් හා දියපිමි තරගාවලිය සඳහා තරග ඉසව් 164ක් ඇතුළත් වනවා.