Thursday, April 25, 2024

General line - 0115112241

හේමාස් රෝහල් සමූහයෙන් ඩිජිටල් තාක්ෂණය මුසුවූ නවතම සේවා රැසක්




සුුව සේවා ක්ෂේත‍්‍රයේ ජාත්‍යන්තරව පිළිගත් ACHSI ප‍්‍රමිතිකරණයෙන් අඛණ්ඩව පිදුම් ලැබූ මෙරට ප‍්‍රථම සහ එකම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහයේ රසායනාගාර සේවාව ශ‍්‍රී ලංකාවේ පළමු වරට ඩිජිටල් තාක්ෂණය හා මුසුවූ නවතම සේවා රැසක් සිය පාරිභෝගිකයින් වෙත හඳුන්වාදෙනු ලැබුවා.

මෙරට රෝහල් සේවාවක් සතු විශාලතම රසායනාගාර සේවාව ලෙස සැලකෙන හේමාස් රෝහල් රසායනාගාර සේවාව මගින් ඩිජිටල් තාක්ෂණය මත පදනම් වූ පහසුකම් රැසක් තලවතුගොඩ, වත්තල සහ ගාල්ල හේමාස් රෝහල්වල පිහිටි වෛද්‍ය රසායනාගාරයන්ගෙන් සහ දීප ව්‍යාප්තව ක‍්‍රියාත්මක හේමාස් රසායනාගාර 44ක් තුළින් පාරිභෝගිකයින් වෙත ලබා දෙනු ඇති.

මෙම ඩිජිටල් සේවාවන් අතරට විශේෂිත වෙබ් අවකාශය මත පදනම් වූ පිවිසුම් මගක් (laboratory portal), හේමාස් රසායනාගාර සේවාව සඳහාම වෙන් වූ (www.labs.hemashospitals.com) වෙබ් අඩවියක් සහ පාරිභෝගිකයින්ගේ රසායනාගාර ප‍්‍රතිඵල සූදානම් වූ විට ඒ පිළිබඳව දැනුම්දීමේ කෙටි පණිවිඩ සේවාවක් මෙම ඩිජිටල් සේවාවන් රැසට අයත්. 

අන්තර්ජාලය ඔස්සේ රසායනාගාර ප‍්‍රතිඵල නිරීක්ෂණය කිරීමට රෝගියා වෙත ඉඩ සැලසෙන බැවින් රසායනාගාර වාර්තා ලබා ගැනීමට රෝහලට පැමිනීමට අවශ්‍ය වන්නේ නැහැ. කාර්යබහුල ජීවිතයක් ගෙවන බොහෝ දෙනෙකුට මෙබඳු සේවාවක් මගින් කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමටද හැකි වෙනවා.   

මෙම ඩිජිටල් තාක්ෂණික සේවාවන් හේතුවෙන් රෝගීන්ට සිය රසායනාගාර ප‍්‍රතිඵල හේමාස් රෝහල් රසායනාගාරයට අයත් වෙබ් අවකාශයක් තුළ වඩාත් ක‍්‍රමානූකූලව සුරක්ෂිිතව පවත්වාගෙන යාහැකි අතර වෛද්‍යවරයකු විසින් පැරණි වාර්තාවක් පරිහරණය සඳහා අවශ්‍ය  ඕනෑම මොහොතක ඉතාම කෙටි කාලයක් තුළ මෙම තොරතුරු වෙත ප‍්‍රවේශ වීමේ හැකියාව පාරිභෝගිකයා වෙත ලබා දෙනවා.

හේමාස් රෝහල් රසායනාගාර සේවාව විසින් ශී‍්‍ර ලාංකීය වෛද්‍ය රසායනාගාර ක්ෂේත‍්‍රය වෙත හඳුන්වාදෙන මෙම පෙරළිකාර සේවාව පිළිබඳව අදහස් දක්වන හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ආචාර්ය ලකිත් පීරිස් ‘‘ ඩිජිටල් සුවසේවා තාක්ෂණික සේවාවන් භාවිතා කරමින් අපගේ පාරිභෝගිකයින් වෙත පෙර නොවුවිරූ අත්දැකීමක් සහ විශිෂ්ට සායනික ප‍්‍රතිඵල ලබා දීමට මෙම සේවාවන් හරහා හේමාස් රසායනාගාරයන්ට හැකියාව ලැබෙනවා. අප විසින් හඳුන්වාදෙනු ලැබූ මෙම ඩිජිටල් සුවසේවාවන් හරහා රෝගීන්ගේ රෝග වාර්තා සුරැකිව තබා ගැනීමටත් අවශ්‍ය අවස්ථාවන්වලදී පරීශීලනයට පහසු ලෙස සකස්කිරීමත් තුළින් සුවසේවා ක්ෂේත‍්‍රයේ අනාගත සේවාවන් රැසක් වෙත ප‍්‍රවේශවීමේ හැකියාව අපගේ පාරිභෝගිකයින්ට හිමිවන අතරම මෙබඳු නව හඳුන්වාදීම් තුළින් දැරියහැකි මිලකට ජාත්‍යන්තර සුවසේවා පිලිවෙත් ශ‍්‍රී ලංකාවට හඳුන්වාදීමේ අපගේ දිගුකාලීන දැක්ම වෙත තවත් පියවරකින් ළගාවීමටද අපට හැකිවෙනවා. එබැවින් ඉදිරියේදී මෙබඳු සේවාවන් හරහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් වෙත වඩාත් ප‍්‍රශස්ත සුවසේවාවක් ලබා දීමට අපට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා’’ යනුවෙන් සඳහන් කළා.