Friday, April 26, 2024

General line - 0115112241

තෙවරප්පෙරුමට එරෙහිව ගුරුවරු පාරට




සංස්කෘතික නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ කි‍්‍රයා කලාපයට විරෝධය පළ කරමින් ලංකා ගුරු සේවා සංගමය අද (01) උද්ඝෝෂණයක නිරත වුණා. ඒ මතුගම මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදීයි.

උපවාසයෙන් පසු පාසල තුළට ඇතුළු වී ගෙලවැලලා ගැනීමට උත්සහ දැරීමෙන් අනතුරුව රෝහල්ගත කෙරුණු පාලිත තෙවරප්පෙරුම මහතා මේ වන විටද රෝහල්ගතව ප‍්‍රතිකාර ලබනවා.

මතුගම මීගහතැන්න ප‍්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිවරයාද ඊයේ රෝහල්ගත කෙරුණා.