Thursday, March 28, 2024

General line - 0115112241

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධය සහ විධායක ජනාධිපති ක‍්‍රමය ගැන කථිකාචාර්යවරුන් දෙදෙනෙක් පළ කළ අදහස්




කතාබහට ලක්ව ඇති 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව සහ පවතින විධායක ජනාධිපති ක‍්‍රමයේ ගැටළු පිළිබඳ ඊයේ (04) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී සංවාදයට ගැණුනා.

ඊට එක්වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායකයි.

විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අතුල සමරකෝන් ද මෙම සංවාදයට එක්වුණා. 

රාජ්‍යයක් ලෙස විධිමත්ව ගොඩනැගීම සඳහා ජනාධිපති ආණ්ඩුක‍්‍රමය වඩා යහපත් මෙවලමක් බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක වැඩිදුරටත් පැවසුවේ. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.