Thursday, April 25, 2024

General line - 0115112241

ඉතිහාසයේ මුල් වරට ඩොලරය 160 පනී

ඩිල්ෂාන් මඩවල




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශී‍්‍ර ලංකා රුපියලේ වටිනාකම ඉතිහාසයේ අඩුම අගය දක්වා අද (07) පහත වැටුණා. ඒ අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 160ක් ලෙසයි. 

ඊයේ දිනයේදී අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 159.89ක අගයක පැවතුණා. අද දිනයේ අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සටහන් වුයේ රුපියල් 156.91ක් ලෙසයි. 

ශී‍්‍ර ලංකා රුපියලේ වටිනාකම දැන් මාස කිහිපයක් තිස්සේ මෙලෙස දිගින් දිගටම පහත වැටෙමින් තිබෙනවා. රුපියල රැකගැනීම සඳහා ශී‍්‍ර ලංකා මහ බැංකුව ප‍්‍රමාණවත් මැදිහත්මක් නොකිරිම මීට හේතුවී ඇති බවයි විචාරකයින් පවසන්නේ. කෙසේවෙතත් අවශ්‍යතාවක් ඇතිවුවහොත් රුපියල රැක ගැනීම සඳහා සකි‍්‍රයව මැදිහත් විය හැකි බව ශී‍්‍ර ලංකා මහ බැංකුව මීට පෙර කියා සිටියා. 

අද දිනය නිමා වනවිට බි‍්‍රතාන්‍ය පවුමක විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 216.6ක් ලෙසයි. යූරෝ 1ක විකුණුම් මිල රුපියල් 189.92ක්ද, ජපාන යෙන් එකක විකුණුම් මිල 01.46ක්ද වුණා.