Friday, April 26, 2024

General line - 0115112241

කුසල් මෙන්ඩිස් හුදකලා කරමින් කොදෙව්වන් ජය උදුරා ගනී (UPDATE)

කසුන් කැලුම් / සුපෙම් මානගේ




ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් ලකුණු 226ක ජයක් වාර්තා කරන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (10) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම කඩුලු 8 කට ලකුණු 414 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවුවා. 

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 185 ක් පමණයි. 

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි කොදෙව්වන් කඩුලු 7 ක් දැවී ලකුණු 223 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.  ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 453 ක ඉලක්කයක් හිමිවුනා. 

එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 226 ක් පමණයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ ක්‍රීඩකයන් සහ පසුපෙළ ක්‍රීඩකයින්ගේ දැඩි අසාර්ථකත්වයක් මෙම තරගය පුරා දකින්නට ලැබුණා. 

කුසල් මෙන්ඩිස් සිය 5 වන ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 102 ක් ලබාගත්තා. 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 14 වැනිදා ශාන්ත ලුසියා හි ඩැරන් සැමි ක්‍රීඩාංගණයේදී පැවැත් වෙනවා.
 

 

--------------------------------

කොදෙව්වන්ගෙන් ශී‍්‍ර ලංකාවට ලකුණු 453ක ඉලක්කයක්(UPDATE)

(10-06-2018 08:55)

 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ජයග‍්‍රහණය සඳහා ශී‍්‍ර ලංකා කණ්ඩායමට ලකුණු 453 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හිමිව තිබෙනවා.

එම ඉලක්කය හඹායන ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ (09) දිනය නිමා වන විට කඩුළු 03ක් දැවී ලකුණු 176ක් ලබා සිටියා. කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 94යි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 31 කට දැවී ගිය අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 15ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත්වුණා.

කුසල් ජනිත් රැස්කළේ ලකුණු 12ක් පමණයි. රොෂේන් සිල්වා ලකුණු 14කට දැවී ගියා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 414ක් රැස්කළ අතර ඔවුන් කඩුළු 07කට ලකුණු 223ක් ලබා සිටියදී සිය දෙවන ඉනිම අත්හිටුවනු ලැබුවා. ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී රැස් කළේ ලකුණු 185ක් පමණයි. ටි‍්‍රනිඩෑඞ්හි පැවැත්වෙන මෙම තරගයේ අවසන් දිනය අදයි.
 

----------------------------

තරගයේ වැඩි වාසි කොදෙව්වන්ට (UPDATE)

(09-06-2018 07:06)

 

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දින නිමා වනවිට තරගයේ වැඩි වාසි අත්කර ගැනීමට කොදෙව් කණ්ඩායම සමත්ව සිටියා. සිය දෙවෙනි ඉනිම කි‍්‍රඩා කළ කොදෙව් කණ්ඩායම තුන්වන දිනය නිමාවන විට කඩුලූ 04ක් දැවී ලකුණු 131 රැස්කර ගෙන සිටියා.

කොදෙව්වන් පළමු ඉනිමේදි කඩුළු 08ක් දැවී ලකුණු 414ක් රැස්කළා. ශී‍්‍ර ලංකා කණ්ඩායමට පළමු ඉනිමේදී සියල්ලන් දැවී රැුස් කර ගත හැකිවූයේ ලකුණු 185ක් පමණයි. නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 44 කට දැවී ගියා. නිරෝෂන් දික්වැල් ලකුණු 31යි. ඒ අනුව කොදෙව් කණ්ඩායම කඩුළු 06ක් අතැතිව ශී‍්‍ර ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 360ක් ඉදිරියෙන් සිටිනවා. තරගය පැවැත්වෙන්නේ ටි‍්‍රනිඩෑඞ්හිදීයි.

---------------------------------------------

කොදෙව්වන්ගේ වේග පන්දුව හමුවේ ශ්‍රී ලංකාව අසරණ වෙයි 

08-06-2018 07:36

ශී‍්‍ර ලංකා පළමු ඉනිමේ මුල් පෙළට දැඩි පීඩනයක් එල්ල කිරීමට කොදෙව් පන්දු යවන්නන් ඊයේ (07) සමත් වුණා. ඊයේ දිනය නිමා වනවිට ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා කඩුළු 3 ක් දැවී ලකුණු 31 ක් ලබා සිටියා. ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමු ඉනිමට රැස් කළ ලකුණු 414 ට පිළිතුරු වශයෙන්. 

කුසල් ජනිත් පෙරේරා පළමු පන්දු වාරයේදීම ලකුණු නොලබා දැවී ගියා. කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 4 ක් පමණයි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 11 කට දැවී ගියා. නායක දිනේෂ් චන්දිමාල් සහ රොෂේන් සිල්වා නොදැවී පන්දුවට පහර දෙනවා. 

බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම වෙනුවෙන් ෂේන් ඩොව්රිච් නොදැවී ලකුණු 125 ක් රැස් කළා. පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 95 කට කඩුළු 4 ක් බිද හෙළුවා. ටි‍්‍රනිඩෑඞ්හි පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ 3 වන දිනය අදයි.