Thursday, April 18, 2024

General line - 0115112241

මුලතිව් එක්ස්ප්‍රස් සිවිල් ආරක්‍ෂක භටයෙකු බිලි ගනී

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට අද (08) අළුයම සිදුවූ රිය අනතුරකින් සිවිල් ආරක්‍ෂක භටයෙකු ජීවිතක්‍ෂයට පත් වුණා. කල්පිටිය සිවිල් ආරක්‍ෂක කදවුරේ සිට නිවාඩු ලබා දඹුල්ලට පැමිණි අවස්ථාවේ ඔහු මුලතිව් සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක ගැටී ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ තිස් දෙහැවිරිදි අවිවාහක පුද්ගලයෙක්. අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු දඹුල්ලට පැමිණ අලුයම කාලයේ බස් නැවතුම් පොළේ සිට  රත්මල්ගහඇල සිය ගමට පා ගමනින් යන අතරතුරදී  මෙම අනතුර සිදුවී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. මුලතිව් සිට මහනුවර බලා ධාවනය වූ කැබතිගොල්ලෑව ඩිපෝවට අයත් බස් රථයක ඉදිරිපස ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිවිල් ආරක්ෂක භටයා පොලිස් නිලධාරීන් විසින් දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළා.

දඹුල්ල රෝහලේ ප්‍රතිකාර සිදු කරමින්  තිබියදී  අලුයම 5.30 ට පමණ බරපතළ තුවාල තත්ත්වයේ සිටි ඔහු මිය ගොස් ඇතැයි පොලිසිය පැවසුවා.