Friday, March 29, 2024

General line - 0115112241

වතු පරිපාලනයට එරෙහිව නොර්වුඞ් කම්කරුවන් උද්ඝෝෂණයක

රංජිත් රාජපක්ෂ - හැටන්




වතුපරිපාලනයට එරෙහිව නොර්වුඞ් ප‍්‍රදේශයේ වතුකම්කරුවන් අද (08) විරෝධතාවක නිරත වුණා. ඒ නෝර්වුඞ් - සාම්මලේ ප‍්‍රධාන මාර්ගයද අවහිර කරමින්.

තේ වතුයාය නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් සර්පයින්ගෙන් සහ වන සතුන්ගෙන් තම ජීවිතවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි ඔවුන් පැවසුවේ. විරෝධතාව හේතුවෙන් ප‍්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතුවලටද බාධා එල්ල වුණා.

මේ අතර වතුකම්කරුවන්ට ජිවන වියදමට සරිලන වැටුපක් ලබා දියයුතු බවට පවසමින් අත් පත‍්‍රිකා බෙදා දීමක් හැටන් නගරයේදී අද සිදුවූ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.