Wednesday, April 24, 2024

General line - 0115112241

නවක වදය පිටුපස ඇතැම් බලලෝභී සංවිධාන - ජනපති




විශ්ව විද්‍යාලවල සිදුවන අමානුෂික නවක වදය පිටුදැකීමට වගකිවයුතු සියලූ පාර්ශවයන් එක්ව කඩිනමින් පොදු වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ජනාධිපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා අද ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ මෙම කි‍්‍රයාපිටුපස ඇතැම් බලලෝභී සංවිධානද කි‍්‍රයාත්මක බවයි.

දරුවන්ගේ අධ්‍යාපනය අඳුරු කරන මෙම ශිෂ්‍ය ත‍්‍රස්තවාදය පිටු දැකීම සඳහා සියලූ පාර්ශවයන් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

ජනාධීපති මෛති‍්‍රපාල සිිරිසේන මහතා මෙම අදහස් පළ කළේ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.