Thursday, April 25, 2024

General line - 0115112241

රංගේ බණ්ඩාරගේ පුතා බන්ධනාගාරයට ගෙනියන්න ඉල්ලූවිට රෝහල දුන් පිළිතුර

නිශාන් ද සිල්වා




රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාරගේ පුත් යශෝධ රංගේබණ්ඩාර වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යා හැකි දැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව රෝහල් බලධාරීන්ගෙන් විමසීමක් කර තිබෙනවා. ඒ, ඔහු ලබන 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (08) නියෝග කිරීමත් සමගයි.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා දැනට ප‍්‍රතිකාර ලබන ශී‍්‍ර ජයවර්ධපුර රෝහලේ වෛද්‍යවරුන් බන්ධනාගාර නිලධාරීන්ගේ ඉල්ලීමට එකගතාව පළ කර නැහැ. ඒ අනුව බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ ආරක්ෂාව යටතේ ඔහු තවදුරටත් එම රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.  

රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා පදවා අනතුරක් කළ රථය වාරිමාර්ග හා ජල කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයට අයත් එකක් බව ඊයේ පස්වරුවේ තහවුරු වුණා. ඒ, එම අමාත්‍යාංශයේ ලේකම් කපිල ජයසේකර ආරච්චිකට්ටුව පොලීසියට ලබා දුන් ප‍්‍රකාශයකින්. එම වාහනය තම අමාත්‍යාංශයට අයත්ව තිබූ බවත් එය අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කරන යශෝධ රංගේ බණ්ඩාරට ලබා දී තිබූ බවටත් අමාත්‍යාංශ ලේකම්වරයා එහිදී ප‍්‍රකාශ කර තිබුණා.