Saturday, April 20, 2024

General line - 0115112241

තවත් රිදී පදක්කමක් මව්බිමට එකතු වෙයි (PHOTO)

කසුන් කැළුම්




ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මළල කි‍්‍රඩා ශූරතාවලියේදී ශී‍්‍ර ලංකාවට තවත් රිදී පදක්කමක් දිනා දීමට මහනුවර ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයේ අමාෂා ද සිල්වා අද (10) සමත්වුණා.

ඒ මීටර් 200 බාලිකා ධාවන ඉසව්වෙන්.

ඇය දැක්වූ දක්ෂතාව තත්පර 24.47ක්. අමාෂා ද සිල්වා මීට පෙර මීටර් 100 බාලිකා ඉසව්වේ රිදී පදක්කම ද ශී‍්‍ර  ලංකාවට දිනා දුන්නා.

ශී‍්‍ර ලංකාව මේවනවිට ආසියානු කණිෂ්ඨ මළල කි‍්‍රඩා තරගාවලියේ දිනා සිටින රන් පදක්කම් සංඛ්‍යාව 02ක්. එහිදී රිදී පදක්කම් 04ක් සහ ලෝකඩ පදක්කමක්ද 
ශී‍්‍ර ලංකාව දිනා සිටිනවා.