Saturday, April 20, 2024

General line - 0115112241

ආසියානු කණිෂ්ඨ මළල කි‍්‍රඩා තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට තවත් රන් පදක්කමක්

කසුන් කැලූම්




18 වන ආසියානු කණිෂ්ඨ මළල කි‍්‍රඩා ශූරතා තරගාවලියේ මීටර් 400 x 4 සහය දිවීමේ බාලක ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව මීට නොබෝ වේලාවකට පෙර සමත්වුණා. 

අකුරම්බන වීරකැප්පෙටිපොළ ජාතික පාසලේ අරුණ දර්ශන ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කි‍්‍රඩකයින් තරගය නිම කළේ විනාඩි 3:8:70 ක දක්ෂතාවක් වාර්තා කරමින්. ශි‍්‍ර ලංකාව මෙම තරගාවලියේ දිනූ තුන්වන රන් පදක්කමද මෙය වනවා. 

මේ අතර මීටර් 400 x 4 බාලිකා සහය දීවීමේ ඉසව්වට එක්වූ ශී‍්‍ර ලංකා කි‍්‍රඩිකාවන් එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තා. තරග නිමි කාලය විනාඩි 03:45:16ක්.