Thursday, April 25, 2024

General line - 0115112241

ටිපර්-ත්‍රිරෝද රථ ගැටුමෙන් දෙදෙනෙක් මරුට (PHOTOS)

එරමිණිගම්මන අශෝක




දඹුල්ල-ගලේවෙල ප්‍රධාන මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝධ රථයක් සහ ටිපර් රථයක් එකිනෙක මුහුණට මුහුණලා ගැටීමෙන් අද (11) පස්වරුවේ සිදුවූ රිය අනතුරක් සිදුවුනා.

එම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් බරපතල තුවාල ලැබූ එක් පුද්ගලයෙක් රෝහල් ගත කර ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුරෙන් මියගොස් තිබෙන්නේ ගලේවෙල, යටිගල්පොත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20 සහ 22 හැවිරිදි වියේ පසුවන තරුණයින් දෙදෙනෙක් වනවා.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.