Saturday, April 20, 2024

General line - 0115112241

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව මුළුමනින්ම වසා දමයි (PHOTOS/UPDATE)

නිශාන් ද සිල්වා/රංජිත් රාජපක්ෂ




තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වනවිට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව මුළුමනින්ම වසා දමා තිබෙනවා. තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැ`දවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ මේ හේතුවෙන් ලිපි ලක්ෂ 03කට වඩා වැඩි ප‍්‍රමාණයක් ගොඩගැසී ඇති බවයි. 

-----------------------------------------------

තැපැල් වර්ජනයට විසිතුන් දහසකට අධික පිරිසක් එකතු වෙයි (PHOTOS)

12-06-2018 09:33

තමන් ආරම්භ කළ වැඩවර්ජනයට දිවයිනේ තැපැල් සේවකයින් විසිතුන් දහසකට අධික පිරිසක් අද (12) දිනයේ එක්වන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

ඊයේ (11) පස්වරුවේ සිට ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන්  කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මේ බව පෙන්වා දුන්නා.

මෙම වර්ජනය හේතුවෙන් අද දිනයේ තැපැල් බෙදීම් කටයුතු කිසිවක් සිදු නොවන බවද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා.

කෙසේවෙතත් තැපැල්පති රෝහණ අබේරත්න ඊයේ කියාසිටියේ මෙම වර්ජනය හේතුවෙන් සියළුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බවයි.