Thursday, April 25, 2024

General line - 0115112241

'ට්‍රම්ප් සහ කිම්' ගේ හමුවීම මැද රුසියානු ජනපතිත් කැමැත්ත හෙළි කරයි




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ට ආරාධනා කරන්නේ නම් තමන් බොහොම කැමැත්තෙන් අමෙරිකාවට යෑමට සූදානම් බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබෙනවා.

ද්වීපාර්ශ්වික සබඳතා තර කර ගැනීමට සාකච්ඡා පැවැත්වීමටත් තමන් සූදානම් බවයි රුසියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ.

රුසියානු ජනාධිපති පුටින් මේ බව කියා සිටියේ, චීනයේ පැවැත්වුණු ෂැන්ග්හායි ආර්ථික සමුළුවට සහභාගී වෙමින්. 

අමෙරිකා ජනාධිපති සහ උතුරු කොරියා නායක කිම් ජොංග් උන් අතර හමුව සාර්ථක වෙන්නැයි ද පුටින් මෙහිදී ප්‍රාර්ථනාවක් සිදු කර තිබෙනවා.