Wednesday, April 24, 2024

General line - 0115112241

වර්ජනය පසෙක තබා එක් කාර්යාලයක් සහ උප කාර්යාල 09ක් හරි හරියට වැඩ (PHOTOS)

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




තැපැල් සේවක ගැටළු සඳහා වහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් සිදුකරත් අද (12) දින කිසිඳු බේදයකින් තොරව ජනතාවට තම සේවාව ලබා දීමට අම්බලන්තොට තැපැල් කාර්යාලයේ සේවකයින් හා නිලධාරීන් කටයුතු කළා.

ඒ අනුව තැපැල් කාර්යාලයකින් ජනතාවට අවශ්‍ය සහ ලබා දිය යුතු සියලුම සේවාවන් ලබා දීම අම්බලන්තොට තැපැල් කාර්යාලයෙන් අද දවසේදී ලබා දීමට එහි ස්ථානාධිපති ඩබ්ලිව්. ආර්. ප්‍රියන්ත ඇතුළු සියලු සේවකයින් කටයුතු කර තිබුණා. 

එමෙන්ම අම්බලන්තොට තැපැල් කාර්යාලයට අනුබද්ධව පවතින උප තැපැල් කාර්යාල 09 ක් වන තැලවිල්ල, දෙහිගහලන්ද, මාමඩල, ගොඩකොග්ගල්ල, රුහුණු රිදියගම, බෝලාන, බැරගම, නෝනාගම හන්දිය ආදී ප්‍රදේශයන්හි පවතින උප තැපැල් කාර්යාලවලද සේවකයින් ඒ අයුරින්ම තම සේවා කටයුතුවල නිරත වුණා.

තැපල් දෙපාර්තමේන්තුවට අනන්‍ය වූ බඳවා ගැනීම් පරිපාටිය සම්මතකර වහා ක්‍රියාත්මක කරන ලෙසත්, වැඩ බලන උප තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ අයිතීන් ආරක්ෂා කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අදාළ තැපැල්  වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනු ලබනවා.