Thursday, April 25, 2024

General line - 0115112241

උතුරු කොරියා මිතුදම වෙනුවෙන් දකුණු කොරියාව සමග කලක් තිස්සේ පැවැත්වූ සබඳකමක් ට්‍රම්ප් අත්හරී

චම්ලි ඒකනායක/ දිනුක් හේවාවිතාරණ




දකුණු කොරියාව සමග වර්ෂ ගණනාවක් තිස්සේ පැවැත්වූ යුද අභ්‍යාසයන් අත්හරින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඒ උතුරු කොරියානු නායක කිම් ජොංග් උන් සමග පැවති ද්වීපාර්ශවික හමුවෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදීය. මෙම මාධ්‍ය හමුවට බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත වුණා. ඒ මාධ්‍යවේදීන් ජනාධිපති ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න කිරීමට පැවති උනන්දුව නිසාය