Friday, April 19, 2024

General line - 0115112241

වයස අවුරුදු 7 සිට අවුරුදු 67 වෙනකම් වලව්වේ බැල මෙහෙවර කරවාගෙන දර මඩුවක දමා සිටි කතක් (PHOTOS)

සමන් විජය බණ්ඩාර




අවුරුදු 67 ක් තිස්සේ ගෙදරක බැල මෙහෙවරකම් කොට වයවෘද්ධ වු පසු නිවසේ දරමඩුවට දමා හරි ගමන් කෑමක් බිමක් ලබා නොදි අඩත් තෙට්ටම් සිදු කොට සිටි කාන්තාවක් ගැන ඊයේ ( 11) සවස මාවනැල්ල පොලිසියේ මොල්ලිගොඩ වසම භාරව සිටි ප‍්‍රජා පොලිස් ඒකයේ සැ: 26725 රණසිංහ යන නිලධාරියාගේ තොරතුරකට අනුව සොයා ගත් බව මාවනැල්ල පොලිසිය පවසනවා.

මාවනැල්ල මොල්ලිගොඩ පදිංචි මෙම ව්‍යවෘද්ධ කාන්තාව පොලිසිය එහි යන විටත් සිහිසුන්ව සිටි නිසා රෝහල්ගත කොට අදාල සැකකරුවන් පිළිබඳ පරික්ෂණ මෙ වන විට සිදු කර නිතීයෙන් වැරදි කරුවන්ට දඩුවම් ලබා දිමට කටයුතු කර ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස නිවසට යාබදව පිහිටි දර මඩුවක දමා සිටියේ අබේසුන්දර වාසල මුදියන්සේලාගේ මුතුමැණිකේ නම් වයස අවුරුදු 75 ක පමණ ව්‍යවෘද්ධ අවිවාහක කාන්තාවකි.

මාවනැල්ල, මොල්ලිගොඩ ප‍්‍රදේශයේ වත් පොහොසත්කමක් ඇති නිවසක මෙම කාන්තාව වයස අවුරුදු 7 දි පමණ වෙනත් ප‍්‍රදේශයක සිට කැඳවා ගෙන පදිංචි කරවා ගෙන ඇත්තේ එම දෙමාපියන්ට පොරොන්දු රැසක් ලබා දිමෙන් වන අතර කාන්තාව දුරින් ඥති කමක්ද මෙ පවුලට ඇත. නමුත් ඇය විවාහ නොවි මෙම නිවසේ වැඩ පල කරමින් ජිවත්ව තිබෙනවා. මොල්ලිගොඩ, හිගුල, මාවනැල්ල ලිපිනයේ ඇති එම නිවසේ අයිතිකරු ඉඩම් හිමි වැවිලිකරුවෙකි.

නමුත් කිසිදු අධ්‍යාපනයක් ලබා නොදි ගැහැණු ළමයෙකුට ලැබිය යුතු වරප‍්‍රසාද කිසිවක් ලබා නොදි කුඩා කාලයේ දැරියක්ව සිටි වයසේ පටන්  මෙම නිවසේ හැදි වැඩි ඇති අතර ඇයට ගැහැණු දරුවෙක් ලෙස සිටිමට අවශ්‍ය කාමරයක් හෝ වෙනම ස්ථානයක්වත් ලබා දි නැති බවත් ඇය දැනට රෝහලේ ප‍්‍රතිකාර ලබා ගෙන සිටින විට පමණක් ඇදක් මත නිදා ගෙන ඇති බව පැවසෙනවා.

නිවස අයිතිකරුගේ බිරිඳගේ මව වන පාසල් ගුරුවරිය ව්‍යවෘද්ධව සිටින අතර ඇයට සැලකුවද පොලිසියෙන් එහි යන විට මෙම සිද්ධියට මුහුණ පෑ කාන්තාව සිට ඇත්තේ දර මඩුවේ ඉරුණු පැදුරක් මත ගුලි වි ජරාවාස වු ස්ථානයකය. ඒ අසල කොප්පයක් පරණ පිගානක් තිබි පොලිසිය විසින් සොයා ගෙන තිබු අතර පොලිස් කාන්තා කාර්යංශයේ නිලධාරින් සහ ප‍්‍රජා පොලිස් ඒකකයේ නිලධාරියා එහි යන විටත් හරි හමන් කෑමක් නොමැති කමින් මෙම කාන්තාව මලානික වි සිට ඇත්තේ නැගිට ගැනිමටවත් වාරු නොමැතිවයි. 

එහිදි පොලිසියට කාන්තාවගෙන් නිවැරදි කට උත්තරයක් ලබා ගැනිමද අපහසු වි ඇති අතර තව දින කිහිපයකින් ඇයට සුවය ලැබු පසු නිවැරදිව කට උත්තර ලබා ගැනිමෙන් පසුව අදාල නිවසේ අයිතිකරුවන්ට එරෙහිව නිතීය ක‍්‍රියාත්මක කරන බවද පොලිසිය පවසනවා.

මෙම කාන්තාව අද 12 මාවනැල්ල රෝහලේ 8 වාට්ටුවේ ප‍්‍රතිකාර ලබා ගනිමින් සිටියදි පොලිසියට පවසා ඇත්තේ තමන්ට නිවසේ අයිතිකරුවා විසින් පහර දි තුවාල පවා සිදු කර ඇති බවයි. 
මොල්ලිගොඩ ප‍්‍රදේශයේ මෙම සිද්ධිය ගැන ප‍්‍රදේශවාසින් පවසන්නේ මෙම පුද්ගලයා ඉඩ කඩම් දේපොල වලින් ගමේ වැදගත් ලෙස ජිවත් වෙමින් නිවස ඉදිරිපිට විශාල බුද්ධ ප‍්‍රතිමාවක් ද සාදා ගමේ යහපත් බෞද්ධයන් ලෙසත් වලව් පැලන්තියෙන් පැවත එන්නෙකු බවත් පෙන්නිමට උත්සාහ කරන චරිත ඇති මිනිස්සුන් බවයි. 

කෑගල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි චාමික පි. වික‍්‍රමසිංහ සහ කෑගල්ල දිස්ත‍්‍රික් සහකාර පොලිස් අධිකාරි ගාමිණි තෙන්නකොන්ගෙි උපදෙස් මත මාවනැල්ල පෙලිසියේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරික්ෂක දමිත් නිලංග, මාවනැල්ල පොලිසියේ කාන්තා පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිල්මිණි, 8738 ඉසංකා, කා. පො. සැ. 336 වසන්ති, මොල්ලිගොඩ වසම භාරව සිටි ප‍්‍රජා පොලිස් ඒකයේ සැ: 26725 රණසිංහ යන නිලධාරීන් වැඩි දුර පරික්ෂ සිදු කරයි.  
මාවනැල්ල පොලිසිය ඉදිරි පරික්ෂණ සිදු කරයි.