Friday, April 26, 2024

General line - 0115112241

"ට්‍රම්ප්ගෙන් පරෙස්සම් වෙන්න" - උතුරු කොරියාවට අනතුරු ඇඟවීමක්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොංග් උන් අතර ඇතිකරගත් එකඟතාව සම්බන්ධයෙන් ලෝකයේ සෙසු නායකයන්ගෙන් පැසසුම් ලැබෙමින් පවතිනවා.

කෙසේ නමුත් ඉරානය උතුරු කොරියාවට දන්වා ඇත්තේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් බොහොම කල්පනාවෙන් කටයුතු කළ යුතු බවයි. 

ට්‍රම්ප් ගැන විශ්වාසය තැබීමෙන් ප්‍රවේසම් විය යුතු යැයි ද ඉරානය උතුරු කොරියාවට දන්වා ඇතැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙනවා.

මෙය උතුරු කොරියා නායක කිම් ජොංග් උන් වෙත ඝෘජුව ප්‍රකාශ කරන්නට පියවර ගෙන ඇති බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.