Wednesday, April 24, 2024

General line - 0115112241

විවාහයේ වියදම සමාජයට (PHOTOS)

ජයකාන්ත ලියනගේ




සිය විවාහ මංගල්‍ය උත්සවයේදී  මත්පැන් සඳහා යන වියදමින් ගමට සහ තමන් ඉගෙන ගත් පාසලට පොදු සේවාවන් රැසක් ඉටු කොට විවාහ උත්සව දිනයේදීම ඒවා විවෘත කර ජනතා අයිතියට පැවරූ අපූරු මංගල්‍යයක් පිළිබඳව අහුන්ගල්ල, කටුවිල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඊයේ (12) මෙම විවාහ උත්සවය පැවැත් වුණා. 

අහුන්ගල්ල, කටුවිල පදිංචි මංජුල ප්‍රදීප් පිටියගේ සහ මහේන්ද්‍රා මාධවී යන නව යුවළ විසින් මෙම කටයුතු සිදු කර තිබුණා.

අහුන්ගල්ල කටුවිල කණිටු විදුහලට අඩුපාඩුවක්ව පැවති ක්‍රීඩා පිටියක් සකස් කරදීම, ඒ සඳහා ක්‍රීඩා මණ්ඩපයක් ඉදිකිරීම, කටුවිල බස් මගී ජනතාව වෙනුවෙන් නැවතුමක් ඉදි කිරීම මේ යටතේ සිදුකර තිබුණා. 

මෙම පොදු සේවාවන් විවෘත කිරීමේ අවස්ථාවට බළපිටිය බෞද්ධ කටයුතු සමායෝජක අහංගම මෛත්‍රී මූර්ති හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද වැඩම කර සිටියා.