Tuesday, April 16, 2024

General line - 0115112241

තරගාවලිය අතරතුර මැතිව්ස් හදිසියේම ලංකාවට




බටහිර ඉන්දීය කොදෙව්වන් සමග ක්‍රිකට් තරගාවලියකට එක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් හදිසියේ සිය පෞද්ගලික අවශ්‍යතාවක් සඳහා යළි දිවයිනට පැමිණෙනවා.

මේ අතර ධනුෂ්ක ගුණතිලක සහ දසුන් ශානක බටහිර ඉන්දීය කොදෙව්වන් සමග තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා  කණ්ඩායමට එක් වීම සඳහා දිවයිනෙන් පිටව යන බවයි වාර්තා වෙන්නේ. 

ආබාධයකට ලක්වීම හේතුවෙන් ලහිරු ගමගේද තරගාවලියෙන් ඉවත් වී ඇති බවයි වාර්තා වුණේ.

බොහෝ දුරට ඇන්ජලෝ මැතිව්ස්ට බටහිර ඉන්දීය කොදෙව්වන් සමග දෙවන සහ තෙවන ටෙස්ට් තරග අහිමි වනු ඇති බවද සඳහන්.