Thursday, April 25, 2024

General line - 0115112241

රත්මලානේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ යයි




රත්මලාන සහ මඩකලපුව ප්‍රදේශවල දහවල් කාලය තුළ උපරිම උෂ්ණත්වයේ ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

අද (13) දින උදෑසන 8.30ට අවසන් වූ පැය 24 තුළ දිවයිනේ කාළගුණය පිළිබඳ සංෂිප්ත වාර්තාව අධ්‍යනය කරමින් මේ බව පෙන්වා දෙනවා.

ඒ අනුව දහවල් කාලය තුළ උපරීම උෂ්ණත්වය මඩකලපුව සහ රත්මලාන ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 02කින් ඉහළ ගොස් තිබෙනවා. සෙසු ප්‍රදේශවල දහවල් කාලය තුළ උපරීම උෂ්ණත්වය සාමාන්‍ය අගයට මදක් ඉහළ/පහළ හෝ ආසන්න අගයන්වල පවතින බවද සඳහන් කරනවා.

රාත්‍රී කාලය තුළ අවම උෂ්ණත්වය රත්මලාන ප්‍රදේශයේ සාමාන්‍ය අගයට වඩා ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 03කින් ද කොළඹ, ගාල්ල, කටුනායක සහ කටුගස්තොට ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා ආසන්න වශයෙන් සෙල්සියස් අංශක 02කින්ද ඉහළ ගොස් තිබෙනවා.

සෙසු ප්‍රදේශවල රාත්‍රි කාලයේ අවම උෂ්ණත්වය  සාමාන්‍ය අගයට මදක් ඉහළ/පහළ හෝ ආසන්න අගයන්වල පැවතුන බවද පැවසුවා.