Friday, April 19, 2024

General line - 0115112241

ගෝඨාභය රාජපක්ෂ නඩුව හෙට කැදවෙයි

අධිකරණ වාර්තාකරු




ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 90 ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේඛම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනතේ ප්‍රතිපාදන අනුව පොලිසිය කටයුතු කිරීම සහ ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම හෙට (14) කැදවීමට අභියාචනාධිකරණය අද (13) නියෝග කළා.

මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය හෙට දින අධිකරනයේ දී දැනුම් දීමට නියමිතය .

මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනතේ ප්‍රතිපාදන අනුව පොලිසිය කටයුතු කිරීම සහ ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මැදමුලන ප්‍රදේශයේ ඉදිකර ඇති ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවිධානය කිරීමේ මණ්ඩලයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කරුණු වාර්තා කර ඇති බවට පෙත්සම්කරු පවසා සිටියි.

ඩි.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩකිරීමේ සහ සංවිධානය කිරීමේ මණ්ඩලය සමග සිවිල් ගිවිසුමක් අනූව කටයුතු කර ඇති බවත් එහි අපරාධමය චෝදනාවක් නොමැති බව පෙත්සම්කරු පවසා සිටියි .

මෙම පෙත්සමින් පොලිස්පතිවරයා, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඇතුළු පාර්ශවයන් පහක් නම් කර ඇත.