Friday, March 29, 2024

General line - 0115112241

පුතාට රිය අනතුරක් - මන්ත්‍රී ගම්මන්පිලට අධිකරණයෙන් සහනයක්




පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලට මාසයක කාලයක් විදේශ ගතවීමට කොළඹ මහාධිකරණය අද (13) අවසර ලබාදුන්නා. අධිකරණය මඟින් ඔහුගේ විදෙස් ගමන් තහනම් කර ඇත්තේ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් වෙනත් පාර්ශවයකට විකිණීමෙන් රුපියල් මිලියන 21ක වංචාවක් සිදු කර ඇතැයි කියන සිද්ධියකට අදාළවයි.

ඕස්ට්‍රේලියාවේ සිටින තම පුත්‍රයා රිය අනතුරකට ලක්ව සිටින බැවින් ඔහු බැලීමට යාම සඳහා අවසර ලබාදෙන ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව මාසයක කාලයක් සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව, මන්ත්‍රීවරයාට අද අවසර ලබා දුන්නා.