Tuesday, April 23, 2024

General line - 0115112241

ආගමික ස්ථානයකට පහරදීම ගැන ඥාණසාර හිමිට එරෙහි නඩුවට අද ලැබුණු නියෝගය මෙන්න




බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුළු 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව අද කල්තැබුණා. ඒ අනුව එම නඩුව නොවැම්බර් 23 වනදා යළි කැදවන ලෙසයි අභියාචනාධිකරණය නියෝග කර ඇත්තේ.

2008 වසරේ තලහේන ප්‍රදේශයේ ආගමික ස්ථානයකට පහරදීම සම්බන්ධයෙන් ඥාණසාර හිමියන් ඇතුළු චූදිතයන් 13 දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කෙරුණා. එම තීන්දුව අභියෝගයකට ලක් කරමිනුයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකරනු ලැබුවේ.