Thursday, March 28, 2024

General line - 0115112241

මාකදුරේ මධුෂ්ගේ ගෝලයින් 03 ක් අත්අඩංගුවට

දිනුක් හේවාවිතාරණ




මාකදුරේ මධුෂ් නම් සංවිධානාත්මක අපරාධකරුගේ මත්ද්‍රවය ජාවාරම් සහ කප්පම් ගැනීම සිදු කරනු ලබන ප්‍රබලතම ගෝලයින් තිදෙනෙක් මහනුවර කඩුගන්නාව ප්‍රදේශයේ හෝටලයක සැඟව සිටියදී මහනුවර පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සදහන් කරන්නේ මෙම පිරිස සන්තකයේ තිබී රුපියල් ලක්ෂයක මුදලක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිස අතර මිට දින කිහිපයකට ඉහතදී මඩවල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරි කණ්ඩායමක් මගින් එල්ල කල වෙඩි ප්‍රහාරයකින් මිය ගිය රුමල්ෂ ඉරේෂ් මදුසංක නවගමුව හෙවත් " බයිලා" යන අයගේ ප්‍රධාන ගෝලයෙක් වන හර්ෂ අනුර දේශප්‍රිය යන අයද සිටින බව පොලිසිය සදහන් කරනවා.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන්ව පොලිස්පති පුජිත් ජයසුන්දර ගේ නියෝගය මත සංවිධානාත්මක අපරාධ විමර්ෂණ කොට්ඨාසයට භාර දීමට නියමිතයි.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තිදෙනා ගේ සම්පුර්ණ විස්තරය පහතින්