Wednesday, April 24, 2024

General line - 0115112241

නවීන්ගෙන් ගෝඨාභයට අභියෝගයක්

ජූඩ් සමන්ත - හලාවත




ඇමරිකාවේ පුරවැසි භාවය හිමි ගෝඨාභය රාජපක්ෂට මෙරට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව වැවිලි කර්මාන්ත අමාත්යත නවීන් දිනසානායක පැවසුවා. වෙන්නප්පුව - ලුණුවිල දී පැවති උත්සවයකට පැමිණි අවස්ථාවේ ඇමතිවරයා මේ බව කියා සිටියා.

"සාමාන්‍යයෙන් අමෙරිකාවේ පුරවැසියෙකුට මේ රටේ ජනාධිපතිවරණයට ඉල්ලන්න බැහැ. අමෙරිකාවේ පුරවැසිභාවය අයින් කරන්න ඉල්ලීමක් කරල තියෙනව කියල දැනගන්න තියෙනව. හැබැයි ඒක ඇමරිකාව පිළිගන්නවනම් පමණයි පුරවැසිභාවය ඉවත්කරගන්න ලැබෙන්නේ. එහෙම පුරවැසිභාවය ඉවත් කරානම් සහතිකයක් ලැබෙනවා. අන්න ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් එය තහවුරු කිරීමෙන් පසුවයි ඔහුට ජනාධිපතිවරණයට ඉල්ලන්න පුලුවන්කම ලැබෙන්නේ.

ගම්මන්පිල මන්ත්‍රීවරයා මේ ගැන එක එක කතා කියනවා. නමුත් අපිත් නීතිය දන්නනවා. මම අභියෝග කරනවා පුළුවන්නම් ඒ සහතිකය ජනතාවට පෙන්වන්න කියලා."