Thursday, December 13, 2018
Hotline - 0770586666

ගම්මන්පිලට රට යන්න අධිකරණයෙන් අවසර

අධිකරණ වාර්තාකරු

688Views

පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිලට මාසයක කාලයක් විදේශ ගතවීමට කොළඹ මහාධිකරණය අද (13) අවසර ලබාදුන්නා. අධිකරණය මඟීන් ඔහුගේ විදෙස් ගමන් තහනම් කර ඇත්තේ  ඕස්ටේ‍්‍රලියානු ජාතිකයෙකුට අයත් සමාගමක කොටස් වෙනත් පාර්ශවයකට විකිණීමෙන් රුපියල් මිලියන 21ක වංචාවක් සිදු කර ඇතැයි කියන සිද්ධියකට අදාළවයි.  

ඕස්ටේ‍්‍රලියාවේ සිටින තම පුත‍්‍රයා රිය අනතුරකට ලක්ව සිටින බැවින් ඔහු බැලීමට යාම සඳහා අවසර ලබාදෙන ලෙසයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව මාසයක කාලයක් සඳහා ඕස්ටේ‍්‍රලියාවේ සංචාරය කිරීමට මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව මන්ත‍්‍රීවරයාට අද (13) අවසර ලබා දුන්නා.