Friday, March 29, 2024

General line - 0115112241

ඉදිරි සතිවල රජයේ විභාගවලට පෙනී සිටිමට සූදානම් වන අපේක්‍ෂකයින්ට විශේෂ පණිවිඩයක්




ඉදිරි සති කිහිපය තුළ පැවැත්වෙන විභාගවලට අදාළ ප‍්‍රවේශපත‍්‍ර මේ වනවිට නොලැබුණේ නම් ඒ පිළිබද විමසිම සදහා විභාග දෙපාර්තමේන්තුව දුරකතන අංක දෙකක් හදුන්වා දී තිබෙනවා.

ඒ අනුව 011 2 78 52 30 හෝ 011 2 17 70 75 යන දුරකතන අංක ඔස්සේ ඒ පිළිබද තොරතුරු විමසිය හැකියි. මේ දිනවල කි‍්‍රයාත්මක තැපැල් වර්ජනය හේතුවෙන් සුදුසුකම්ලත් විභාග අපේක්‍ෂකයින්හට සිය ප‍්‍රවේශපත‍්‍ර නොලැබීමට ඇති ඉඩ සලකා මෙම පියවර ගත් බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ.

විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරි සති කිහිපය තුළ පැවැත්වීමට සංවිධාන කර ඇති සියළු විභාග නියමිත පරිදි පවත්වන බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.