Wednesday, April 24, 2024

General line - 0115112241

අලව්වේ බස් රථ දෙකක් ගැටෙයි : එක් බස් රථයක් මාඔයට පෙරළෙයි (VIDEO)

දිනුක් හේවාවිතාරණ/සජිත් තිලකරත්න




කොළඹ-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකින් එක ගැටී තිබෙනවා. මෙම අනතුරෙන් එක් බස් රථයක් මා ඔයට පෙරලි ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ. 

මෙම රිය අනතුරෙන් එක් පුද්ගලයෙක් මිය ගොස් ඇති අතර තුවාල ලැබූ පුද්ගලයින්ව රෝහල් කරා රැගෙන යමින් සිටින බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් නෙත් නිවුස් වෙත ප්‍රකාශ කර සිටියා. 

දැනට අලව්ව මුලික රෝහලට තුවාල ලැබූ පුද්ගලයින් 25 දෙනෙක් පමණ ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කර සිටියා. 

ගල්නෑව සිට කොළඹ බලා යන බස් රථය හා කොළඹ සිට කදුරුවෙල බලා යමින් තිබු පෞද්ගලික බස් රථ දෙක මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.