Wednesday, April 24, 2024

General line - 0115112241

විදෙස් කී‍්‍රඩකයෙක් අතුරුදන් - ලංකාවේ පැවති ත‍්‍රාසජනක පාපැදි තරගාවලිය නවති




ශී‍්‍ර ලංකාවේ පැවති ‘‘රම්බල් ඉන් ද ජංගල් ’’ත‍්‍රාසජනක මවුන්ටන් පාපැදි තරගාවලිය අද සිට නතර කිරීමට සංවිධායකයින් තීරණය කර තිබෙනවා. ඒ, ඊට සහභාගි වූ විදෙස් පාපැදි තරගකරුවෙකු අතුරුදන්වීම හේතුවෙන්. ඔහු මේ දක්වා සොයාගැනීමට හැකි වී නැහැ. පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව මෙම විදෙස් පාපැදිකරුවා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් සිදුකරනවා. 

මධ්‍යම කදුකරයේ දිස්ති‍්‍රක්ක 4 ක් පුරා දර්ශනීය ස්ථාන පසු කරමින් පත්වන මෙම ත‍්‍රාසජනක මවුන්ටන් පාපැදි තරගාවලිය ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබුණා.